ඔබ දන්නවද කඨින පුජාවේ ආනිසංස මොනවාද කියලා

සිංහල බෞද්ධයෝ අතිශය උතුම්කොට සලකන පිංකම් අතරිනුත් කටින පිංකමට හිමිවනුයේ මුල් තැනකි.
වප් පුර පසොලොස්වක පොහොයෙන් ඇරඹි ඉල් පුර පොහොයෙන් අවසන් වන මෙම සමය හැඳින්වෙනුයේ කඨින පූජා මාසය හෙවත් චීවර මාසය ලෙසිනි.ලංකාවේ  සෑම ගමකම විවිධ අයුරින් කඨින පිංකම් සිදු වෙයි. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරෙයි.

කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇතිඋත්තරීතර වචනයකි. වන්නටඑම වදනශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය හේතු ගණනාවක් ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසකඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨිනචීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌පමණි.

ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජුබව, කම්පා නොවන බව, තියුණු බව ආදී වශයෙන් දැක්විය හැක. අනෙක්‌ කුසලයන්ට වඩාකඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමුපිංකම වන්නේ ද මේ කඨින චීවර පූජාවයි.

පංචානන්තරිය පාප කර්ම හැරවෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති”යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකරගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසුයන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී වියහැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමිකපිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලාසුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධචෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වීහිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බව එම චෝදනාව විය.

එම කාරණාවන් සහ තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින්භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයිඅනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනිවර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධනියමයන් අනුව අදට වසර 2500කට වැඩි කාලයක්‌ ගත වී තිබියදීත් උන්වහන්සේගේ අනුශාසනාවඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විස්මයජනකද?

ලෝකයේ වෙහෙරවිහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේවස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකමපිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨිනපිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභයපාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත්ලයිස්‌තුවේ සිටීම නිසාය.

කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂසිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙනසමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30නමක්‌ සැවැත්නුවරට වඩින්නටගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සැවැත්නුවර ජේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාටනියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි විය.

ඒ නිසා සාකේත නම් නුවර වස්‌කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නටනොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන්වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මඟදී මහ වැසිපතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින්යුතුව ජේතවනාරාමයට වැඩම කළහ.

එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳපිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාදනැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන්විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාදනැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි.

එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහවැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූසිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බවසලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ

කඨින පූජාව පිළිබඳව සඳහන් වනුයේ අටමහ කුසලයෙන් එකක් ලෙසය. කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.

පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින්නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූකුසලයකි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන්කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්මචීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං)වශයෙන් පූජාකළ හැකිය.

අටමහා කුසලයන් වන්නේ

කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –
1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රතිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය.කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමතිකෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය සියළු පුද පිරිකර පූජා කළ හැකි.

කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්මසඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භික්ඛු භාවයෙන්පැවිදි වූ මහරහතන් වහන්සේලා 500නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයිසිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාටකළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදීකළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,

“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.

මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත්ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැතිව ශ්‍රේෂ්ඨ මනුෂ්‍යජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත.එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම්කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.

කඨින චීවරය

‘චරථ භික්‌ඛවෙ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය’ – මේ බුදුරජාණන් වහන්සේ භික්‌ෂුන්ට දුන් පළමු උපදේශයයි. ඒ අනුව පස්‌වග මහණුන් වහන්සේලාගේ සිටම දිගටම සංඝයා වහන්සේලා මේ විදියට ගෙයින් ගෙට ගමින් ගමට ධර්මය දේශනා කරමින් වැඩියහ. වැසි කාලයේදීත් උන්වහන්සේලා මෙසේ වැඩියහ. එහෙයින්ම උන්වහන්සේලාට නිගණ්‌ඨයන් ආදී අන්‍ය ආගමිකයන්ගේ ගැරහුම්වලට ලක්‌වන්නට සිදුවී බොහෝ අපහසුතාවන්ට ද මුහුණපෑමට සිදු වූහ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ, සංඝයා වහන්සේලාට වස්‌ කාලය තුළ එසේ චාරිකා නොකර ආරාමයන් තුළටම වී සිටින ලෙස අවවාද කළහ. මේ කාලය තුළ එකල සංඝයා වහන්සේලා තම ස්‌වාර්ථය පිණිස භාවනා කරමින්, ඇතැමෙක්‌ අභිඥාලාභී වෙමින් ද ඇතැමෙක්‌ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මාර්ගඵල අවබෝධ කොටගෙන සමාපත්ති සුවයන්ට සම වදිමින් කාලය ගත කරන්නාහ.

එදා භික්‌ෂුව තම සිවුරු සකසා ගත්තේ මිනී ඔතා තිබූ රෙදිවලින්ය. මේවා එක්‌කර මසාගෙන පඬු පොවාගනු ලැබේ. අද මිනී එතූ රෙදි නැති වුව ද එදා වගේම කුඹුරක ලියදි ආකාරයට කපා සකසා පඬු පොවනු ලැබේ. වස්‌ වසන භික්‌ෂුවකට එදා අවශ්‍ය වන්නට ඇත්තේ කිනම් විදිහේ සිවුරක්‌ද? සාමාන්‍යයෙන් වැසි කාලයට මැසි මදුරු වැනි කෘමි සතුන්ගෙන් වන ගැහැට වැඩිය. එකල කැලෑ ගහනය අධිකය. ඒ නිසාම සතා සරුපයා මිනිස්‌ ඉව සොයා එනවාත් වැඩිය. වැසි කාලය නිසා සෙම් රෝග සෑදීමට ඇති ඉඩකඩ ද වැඩිය. වැසි සමය නිසා සිවුරු සේදීම ද අපහසුය. එසේ නම් වස්‌ වසන කාලය තුළ පරිහරණය කිරීමට අනිවාර්යයෙන්ම බහුවිධි සිවුරක්‌ සැකසිය යුතු නොවේද?

මෑත කාලයේ එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමක්‌ මේ කඨින සිවුර පිළියෙළ කිරීමට ශාක කොටස්‌ 54 ක්‌ උපයෝගී කරගත යුතු බවට උපදෙස්‌ දී ඇත. මේවා වර්ග කොට බෙදා සිවුරුත් සමඟින් තම්බා වේළා නැවත තවත් වර්ගයක්‌ සමඟින් තම්බා නැවත වේළා යනාදී වශයෙන් කීප සැරයක්‌ තම්බා වේළාගෙන පමණක්‌ මේ සිවුරු සැකසිය යුතු බව පෙන්වාදී ඇත. මෙය නොවේද කඨිනය? මෙය සම්පූර්ණයෙන්ම බෙහෙත් ගිල්වපු සිවුරක්‌ බව මේ ද්‍රව්‍ය පරීක්‌ෂා කිරීමෙන් අපට අවබෝධ වේ.

මෙවැනි බෙහෙත් ගිල්වපු සිවුරක්‌ නිසා මැසි මදුරු උවදුරක්‌ නැත. සතා සරුපයා එන්නේ ද නැත. දාඩිය දුර්ගන්ධයක්‌ ද නැත. ඒ නිසා සිවුරු සෝදා අපහසුවෙන් වැසි කාලයේ වේලා ගැනීමට අවශ්‍ය වන්නේද නැත.

එදා ජීවක වෙද උත්තමයාට ද මෙවැනි සිවුරක්‌ සැකසීමට හැකියාවක්‌ තිබිය යුතු නොවේද? ඒ නිසාම එවැනි සිවුරක්‌ සකසන අන්දම ගැන උපදෙස්‌ දෙන්නටම ඇත. ඉතින් අද අප කුමක්‌ කළ යුතුද? නවීන ලෝකයේ ඇති උපකරණ නිසා දැන් දැන් බෞද්ධයන් පන්සල්වලින් ඈත්වෙමින් සිටිති. මේ සඳහා උපක්‍රමයක්‌ ලෙස මේ කඨින සිවුර වස්‌ කාලය තුළදී දායක ගෙවල්වල තැන්පත් කොට භික්‌ෂුන් වහන්සේලාම වැඩම කොට පිරිතෙන් පේ කරන සේක.

මීට දශක කීපයකට පෙර නම් මේ කඨින වස්‌ත්‍රය කොස්‌ නැට්‌ට පේන්න කලින් පන්සලට ගෙනා යුතු අතර සාමණේර නමකට පවා නොදී උපසම්පදා භික්‌ෂුන් විසින්ම මෙය මසනු ලබන බව කීව ද වයඹ පළාතේදී මා දුටු දෙයක්‌ නම් උපාසකම්මලා තරගයට මෙන් මේ සිවුර මහන බවය.

එහෙත් අද කරන්නේ වස්‌ නිමාකරන දා වෙළෙඳපොළෙන් ලබාගත් මේ සිවුර පෙරහැරින් වැඩමකොට වස්‌ විසූ එක භික්‌ෂුවකට පූජා කරනු ලැබීමයි. පන්සලේ කී නමක්‌ වස්‌ විසුව ද අවුරුද්දකට වතාවක්‌ කඨින සිවුර ලැබෙන්නේ එකම එක භික්‌ෂුවකටය.

සැපයුමට වඩා ඉල්ලුම වැඩි නම් භාණ්‌ඩයට ඉහළ වටිනාකමක්‌ ලැබෙන ආර්ථික විද්‍යාවේ මිල නියම වන න්‍යාය මෙන්, මේ සිවුරේ වටිනාකම ද තීරණය කොට මේ සඳහා දායකත්වය සැපයූ අයට අට මහා කුසල්වලින් එකක්‌ නිසා ඉහළම ආනිශංස අත්පත් වන බව පිංකම අවසානයේ සැන්දෑවේ ධර්ම දේශනා කරන භික්‌ෂුන් වහන්සේ දේශනා කරනු ලැබේ. (ඇත්තටම මීට අවුරුදු කීපයකට පෙර නම් මේ කඨින ආනිශංස දෙසනු ලබන්නේ එදින සිවුර ලබාගත් භික්‌ෂුන් වහන්සේ විසින්මය. උන්වහන්සේ බණට වඩින්නේ ඒ සිවුර හැඳගෙනය.)

අපට ලැබෙන විපාක හැටියට 34 වතාවක්‌ සක්‌ දෙවියන් වේ. සක්‌විති පදවි ලැබේ. පංචානන්තරිය පාප කර්මයක්‌ නොකොළොත් සතර අපායට නිවන් දක්‌නා ජාති දක්‌වා වැටෙන්නේ නැත. එහෙත් මෙතරම් දෙයක්‌ ලැබීමට තරම් අප කළ කුසලය කුමක්‌ද?

කඩයකින් කපා මසා, පඬු පොවා නිම කළ සිවුර පළමුව පන්සලට පූජා කොට පේ කිරීමෙන් අනතුරුව වස්‌ තුන්මස නිමවෙන්නට කිට්‌ටුව ගෙදර ගෙනැවිත් අපගේ වත්පොහොසත්කමට ගැලපෙන පරිදි නිවස සරසා, ලයිට්‌ වැල් දමා, එන අයට සංග්‍රහ කොට භික්‌ෂුන් වහන්සේලා වැඩමකොට පිරිත් දේශනා කරවනු ලැබේ. පිංකම තිබෙන උදෑසන නැට්‌ටුවන්, බෙරකරුවන්, ගිනිබෝලකරුවන්, කසකරුවන්, සේසත්කරුවන් සහිත මහා පෙරහරකින් වඩමවා, සඟසතු කොට පූජා කරනු ලැබේ. එහෙත් අර තරම් පින් පල දෙන්නට, අපි කුමක්‌ කෙළෙමුද? අඩු ගාණේ මේ සිවුර වස්‌ කාලය තුළ භික්‌ෂුවකට ප්‍රයෝජනවත් වූයේද? අටපිරිකරක්‌ පූජාකොට ලබන ආනිශංසවත් ලැබීමට අපි සුදුස්‌සෝ වූවෙම්ද? නැත.

එසේ නම් ලබන අවුරුද්දේ අපි මෙහෙම කරමු. පන්සලේ වස්‌ වසන්නට බලාපොරොත්තු වෙන සැම භික්‌ෂුවක්‌ සඳහාමත් හා හදිස්‌සියේ වස්‌ විසීමේ අරමුණින් වැඩම කරන අතිරේක භික්‌ෂුවකට හෝ දෙනමකට යනාදී වශයෙන් ප්‍රමාණවත් වන අයුරින් දෙපට සිවුරු තෝරාගමු. මොකද අඳනයකින් මේ බහුවිධ සිවුරේ කාර්යය කළ නොහැකි නිසාය. මේවැසි සළු කපා කොටා භික්‌ෂුන් වහන්සේලා විසින් මසා දුන් විට අප ඒවා ගෙදර ගෙනවුත්, බෙහෙත් ද්‍රව්‍යවලින් තම්බා ගත යුතුයි. ඊළඟට හොඳින් වේලා පහුවැනිදා තවත් බෙහෙත් ද්‍රව්‍යයක තම්බා ගත යුතුයි. තමන්ට මේවා තම්බා ගැනීමට පහසුකම් නැති නම් එවැනි පහසුකම් ඇති නිවසක මෙය කර හැමදාම හවසට වේළුණු සිවුර රැගෙන තම නිවසට ගොස්‌ තුන් පිරිත කියා පේ කරන්න. කිලි කුණු නැතිව මෙය කරනවා නම් තවත් යහපති.

මෙසේ පිළියෙළ කර ගත් සිවුරු වස්‌ ආරාධනා කරන දිනයේ මහා පෙරහරින් ගොස්‌ භික්‌ෂුන් වහන්සේලාට පූජා කරමු. අප අද දින වස්‌ සමාදන් වෙනවා කියා භික්‌ෂුන් වහන්සේලා පැවසිය යුත්තේ මේ සිවුරු හැඳගෙනය. ඇත්තටම පෙර කාලයේදී බෙර වයමින් මෙසේ සිවුරු ගෙන යද්දී වස්‌ සිවුරක්‌ නොලැබුණු භික්‌ෂුන් වහන්සේලා ඇවිත් සිවුරු පිළිගත් බව පැවසේ.

වස්‌ අවසන් කරන දිනයේ අප සියලුම දෙනා රැස්‌වී අපේ හාමුදුරුවෝ මැස්‌සෙකුගෙන් වත් පීඩාවට පත් නොවී වස්‌ සමාදන් වී මෙපරිද්දෙන් ඵලයක්‌ ලබාගත්තා නොවේදෝ පස්‌වනක්‌ ප්‍රීතියට පත්වීමෙන් අපි ඔය කියන්නා වූ මහත් ඵල මහා ආනිශංස ලබාගමු. මෙවැනි සිවුරක්‌ ඇඟට දා ගත් කල දැනෙන සිසිලස හා සුවය නිසා සිත පහන් වී නිරායාසයෙන්ම අඩුම ගානේ මෛත්‍රී භාවනාව හෝ වැඩීමට භික්‌ෂුන් වහන්සේලා උත්සුක වනු නොඅනුමානය.

අනිවාර්යයෙන්ම මෙය මතක තබාගන්න. බෙහෙත් ද්‍රව්‍යවල තම්බා වේළා ගත යුතු නිසා මේ සිවුරු සකස්‌ කිරීමට පටන්ගත යුත්තේ වස්‌ සමාදන්වීමට මාසයකටවත් කලින්ය.

ඔබගේ පහන් සංවේගයට මේ කරුණත් සිහියේ තබාගන්න. අශෝක අධිරාජයා, අපේ දේවානම්පියතිස්‌ස රජුට මගධයේ රජ ලෙස අභිෂේකය සිදු කරන ලෙස ඉල්ලා තම රාජ්‍ය කකුධ භාණ්‌ඩ එවන අවස්‌ථාවේ නොසේදිය යුතු සළු සඟලක්‌ ද තෑගි කර එවූ බව සඳහන්ය. බොහෝ විට ඒ සළුද මෙසේ සකස්‌ කරන ලද ඒවා විය යුතුයි..

මේ වගේ අලුත් වැදගත් තොරතුරු ගැන දැනුවත් වෙන්න අපේ පේජ් එකට ලයික් කරන්න.