ඇමෙරිකන් ග්‍රීන් කාඩ් ලොතරැයියට අයදුම් කරන විදිය පියවරෙන් පියවර

ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහත් උනන්දුවකින් බලා සිටින ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය 2019 වසර ඉලක්ක කර දැන් ඇරඹී ඇත. ඔක්. 03 වැනිදා සිට නොවැ. 07 වැනිදා අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 10.30 දක්වා මේ සඳහා අයැදුම් කළ හැකි බව ඇමෙරිකානු රජය නිවේදනය කර ඇත.

මෙය ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් අතරද ඉතා ජනප්‍රිය ලොතරැයියකි. දැනට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන 2018 සඳහා වූ ලොතරැයියේදී ඉල්ලුම්කරුවන් 14,692,258 දෙනෙකු (පවු‍ලේ සාමාජිකයන්ද සමග 23,088,613 දෙනෙකු) අතරින් ආසියාවෙන් තේරුණු 15997 දෙනා අතර ශ්‍රී ලාංකිකයෝ 777 දෙනෙක් සිටිති. 1990 සංක්‍රමණ පනත මගින් ස්ථාපිත කරන ලද විවිධත්ව වීසා වැඩසටහන යටතේ 1995 මුදල් වර්ෂයේ සිට ලොතරැයි ක්‍රමයට තෝරනු ලබන 50,000 ක් පමණ පිරිසකට ඇමෙරිකාවේ ජීවත් වීමට, රැකියා කිරීමට හා අධ්‍යාපනය ලැබිමට අවස්ථාව හිමි වේ. එක්සත් ජනපදයේ සංක්‍රමණ ජනගහනය විවිධාංගීකරණයට ලක් කිරීම මෙහි අරමුණයි.

ග්‍රීන් කාඩ් ලොතරැයියට අයැදුම් කිරීමට උනන්දු බොහෝ දෙනා අයැදුම් කිරීමේ කාර්ය පටිපාටියේ ඇතැම් තීරණාත්මක කරුණු පිළිබඳව නොදනිති. ඒ නිසාම වංචනිකයන්ගේ සටකපටකම්වලට ගොදුරු වී මුදල් මෙන්ම ඇතැම් විට තමන් දිනූ ලොතරැයිය ද අහිමි කරගන්නෝ වෙති. ශ්‍රී ලංකාවේ එබඳු වංචනිකයන් අඩු නමුදු ඇතැම් විදේශ රටවල් වංචාකරුවන් පිළිබඳ කුප්‍රකටය.

පළමුව මේ සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවා දැයි බලමු. පළමු සුදුසුකම ඔබ ශ්‍රී ලංකාවේ උපන් අයකු විය යුතුය. ලොතරැයිය හිමිවන්නේ උපන් රට සලකා බලා වීම ඊට හේතුවයි. උදාහරණ ලෙස ඔබ ඉන්දියාවේ හෝ සුදුසුකම් නැති වෙනත් රටක උපන් අයකු නම් ඉල්ලුම් කළ නොහැකිය. ඔබ ඉල්ලුම් කිරීමට සුදුසුකම් නැති රටක ඉපදී එහෙත් ඔබේ සැමියා හෝ බිරිය ශ්‍රී ලංකාවේ ඉපදී ඇත්නම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. එසේම ඔබ සුදුසුකම් නැති රටක ඉපදුණ ද ඔබේ මාපියන් එම රටේ නූපන්, ඒ වන විට එම රටේ පුරවැසියන් නොවූ අය නම්, ශ්‍රී ලංකාවේ උපන අය නම් ඔබට ඉල්ලුම් කළ හැකිය. සුදුසුකම් නැති රටවල් ඔබට www.dvlottery.state.gov අඩවියේ ඇති උපදෙස් පත්‍රිකාවෙන් බලාගත හැකිය. (සෑම වසරකම ඊට පෙර වසර 5 තුළ 50000 ඉක්මවූ පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වී ඇති රටවල් සුදුසුම් සහිත ලැයිස්තුවෙන් ඉවත කෙරන අතර 2019 ලොතරැයිය සඳහා සුදුසුකම් නැති රටවල් අතර ඉන්දියාව, බංග්ලාදේශය, කැනඩාව, බ්‍රිතාන්‍යය (උතුරු අයර්ලන්තය හැර), පාකිස්තානය යන අපට හුරු රටවල්ද වේ.)

දෙවනුව ඔබ අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හෝ රැකියා පළපුරුද්ද සපුරා තිබිය යුතුය. (ඔබ විවාහක නම් සුදුසුකම් අවශ්‍ය ප්‍රධාන ඉල්ලුම්කරුට පමණි. දරුවන්ට, බිරියට/සැමියාට අදාළ නැත) අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අවශ්‍ය වන්නේ උසස් පෙළ විෂයයන් 3ක් සමත් වීමයි. උසස් පෙළ විෂයයන් 3ක් සමත් නැති අයට රැකියා පළපුරුද්ද මත ඉල්ලුම් කිරීමට පුළුවන. එහෙත් ඒ සඳහා ඇමරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුව නිර්දේශ කරන රැකියා පළපුරුද්ද සපුරා කිබිය යුතුය. ඔබ අවශ්‍ය රැකියා පළපුරුද්ද සපුරා තිබේදැයි පරීක්ෂා කර බැලීමට netonline දත්ත ගබඩාවට (වබේ අඩවියට) ඇතුළු විය යුතුය. Dv-2019 Instructions පිටුවට යන ඔබට එහි සිට එක එල්ලේම මේ වබේ අඩවියට යෑමට පුළුවන. සරලව පැහැදිලි කළහොත්, ඔබ, එම වබේ අඩවියේ බ්ධඡ ඛධදඥ 4-5 අතර හා SVP (Specifi Vocationa Preparation) අගය 7ට වැඩි අගයක් හිමිවන රැකියාවක පසුගිය වසර 5 ඇතුළත දෙවසරක් තුළ නිරතව සිට තිබිය යුතුය.https://travel.state.gov/content/visas/en/immigrate/diversity-visa/if-you-are-selected/confirm-your-qualifications.html ‍වෙබ් ලිපිනයෙන් ඔබට මේ පිළිබඳ සියලු විස්තර දැනගත හැකිය.

ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කළ හැක්කේ එකම එක නිල වබේ අඩවියකින් පමණක් බව පළමුව අවධාරණය කළ යුතුය. ඒ www.dvlottery.state.gov වබේ අඩවියයි. ඒ හැර වෙනත් වබේ අඩවියක් මේ වෙනුවෙන් නැත. එසේම මේ වෙනුවෙන් පත් කරන ලද නියෝජිතයන් හෝ නියෝජිත ආයතන හෝ නැත. ග්‍රීන් කාඩ් වීසාවක් පහසුවෙන් ලබා ගැනීමට උපකාර කරන බව කියන, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලාංඡනය, කොඩිය, නිදහස් ප්‍රතිමාව ආදිය සහිත ඡායාරූප ඇතුළත් විවිධ වබේ අඩවි තිබුණද ඒ කිසිවක් නිල වබේ අඩවි නොවේ. මේ සඳහා වන එක්සත් ජනපද නිල වබේ අඩවිය හඳුනාගත හැකි පහසුම ක්‍රමය එහි වබේ ලිපිනයේ අග නැවතීමේ ලකුණට (.) පසුව ඇති COM අකුරු තුනයි. .cO:.OGm ආදී අකුරු සහිත වබේ අඩවි ඇමෙරිකානු රජයේ වබේ අඩවි නොවේ.

ලොතරැයියට ඉල්ලුම් කළ යුත්තේ අන්තර්ජාලය ඔස්සේ පමණි. මුද්‍රිත ඉල්ලුම්පත් නැත. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා ඔබට අතරමැදියකුගේ උදව් අවශ්‍ය නැත. ඇතුළත් කළ යුතුව ඇත්තේ සරල තොරතුරු පමණි. මෙම ඉල්ලුම්පත්‍රය පිරවීම අසීරු බවත්, ඉතා සුළු දෝෂයක් නිසා අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකි බවත් පවසමින් විශාල මුදලක්ද අයකරමින් ඉල්ලුම් පත් සම්පූර්ණ කිරීමට ඉදිරිපත් වන “සයිබර් කැෆේ”, සන්නිවේදන මධ්‍යස්ථාන, විශේෂයෙන්ම මේ පිළිබඳ හොඳින් දන්නා බව කියන නාඳුනන ‘ඒජන්තවරුන්’, ‘උපදේශකයින්’ බඳු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් ප්‍රවේශම් වන්න. (ඔබ අතින් සුළු දෝෂයක් සිදු වුවත් පසුව එය නිවැරදි කරගැනීමට පවා හැකියාව පවතී.) ඇමරිකානු රජය දැඩිව අවධාරණය කරන්නේ ඉල්ලුම් කිරීමේ කාර්යයට ‘උපදේශකයින්’, ‘ඒජන්තවරුන්’ ආදි වශයෙන් පෙනී සිටින කිසිදු අතරමැදියකු සම්බන්ධ නොකරගත යුතු බවයි. www.dvlottery.state.gov බෙව් අඩවියට ඇතුළු වූ පසු ඔබට එහි ඇති Dv-2019 Instuctions යැයි සඳහන් තීරය මත “ක්ලික්” කිරීමෙන් අදාළ උපදෙස් සියල්ල ලබාගත හැකිය. එහි ඉංග්‍රීසි බසින් ඇතුළත් උපදෙස් පත්‍රිකාව මේ සඳහා ඇති එකම නිල උපදෙස් පත්‍රිකාවයි. කලින් කලට එහි වෙනත් භාෂාවලින්ද උපදෙස් පත්‍රිකා පළ කෙරෙනු ඇති අතර සිංහල භාෂාවෙන්ද එය මතු දිනක පළ කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඉංග්‍රීසි පිටපත එකම නිල පිටපත බව දැනුම් දී ඇති හෙයින් එය තමාම කියවා හෝ අතිශය සමීපතමයකුගේ මාර්ගයෙන් අවබෝධ කර ගැනීම වඩාත් සුදුසුය.

නාඳුනන පුද්ගලයන් හෝ ආයතන හෝ මගින් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවාසි කීපයක් ඇති බව ඔබ අවබෝධ කරගත යුතුය. පළමු අවදානම ඔවුන් ඔබේ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන්නේ ද යන්නයි. උදාහරණයකට ඔබේ නමේ අකුරු, උපන් දිනය ආදී තොරතුරු වරදවා ඉදිරිපත් කිරීමේ අවදානමක් තිබේ. මන්ද ඔවුන්ගේ අරමුණ හැකි ඉක්මනින් කාරිය ඉටුකර මුදල් ලබා ගැනීම බැවිනි. අවංක පුද්ගලයන්ද හිටිය හැකි නමුත් ඔවුන් කවුරුන්දැයි හඳුනාගත නොහැකිය.

අතරමැදියන් සම්බන්ධ කරගැනීම මීටත් වඩා හානිදායක විය හැකි අවස්ථා ද තිබේ. ඒ ඉල්ලුම්පත ලැබුණු බවට නිල වබේ අඩවියෙන් ඔබට ලැබෙන තහවුරු කිරීමේ අංකය (Confirmation Number) අන්සතු වීමට ඇති අවදානම සහ ඔබේ විද්‍යුත් ලිපිනය (ඊමේල් ලිපිනය) වෙනුවට අතරමැදියාගේ විද්‍යුත් ලිපිනය ඉල්ලුම්පතේ සඳහන් කිරීමට ඇති අවදානමයි. ඉල්ලුම්පතෙහි ඔබේ විද්‍යුත් ලිපිනය සඳහන් කළ යුතු අතර ඉල්ලුම්පත ලැබුණු බවට තහවුරු කරමින් තිරයේ දර්ශනය කෙරෙන තහවුරු අංකය සහිත ලිපිය ඔබ මුද්‍රණය කරගෙන ආරක්ෂාකාරීව තබාගත යුතුය. එහි නඤට පිටපතක් සකසා ගැනීමද නුවණැති ක්‍රියාවකි. ලොතරැයියෙන් ඔබ තේරුණහොත් ඒ බව දැනගත හැක්කේ මෙම අංකය ඔබ සතුව ඇත්නම් පමණක් වන අතර ඉදිරි කටයුතු සියල්ල ඒ මත තීරණය වේ.

ඔබට පුද්ගලිකව ඉල්ලුම්පත පිරවීමට හැකියාවක් කිසිසේත්ම නොමැති නම් අතිශය විශ්වසවන්තයකු මාර්ගයෙන් එය ඉටුකර ගැනීම සුදුසු වන අතර ඒ කාර්යය අතරතුර ඔබ එම අය සමග රැඳී ඔබේ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන්නේ දැයි තහවුරු කරගෙන තහවුරු අංකය dvlottery.state.gov සහිත මුද්‍රිත පිටපත ඔබ වෙතම තබාගන්න.

අන්‍යයන්ට නඤට පිටපත් සෑදීමට ඉඩ නොතබන්න. ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න. ඔබේ පරිගණක දැනම දර්වල නම් අනිවර්යයෙන්ම ඒ දැනුම ඇති අතිශය විශ්වාසවන්ත අයකුගෙන් මේ සඳහා සහාය ගන්න. ඔබේ තහවුරු අංකය ආදි තොරතුරු සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වන කිසිවකුට එම තොරතුරු ලබා නොදෙන්න.

ඉල්ලුම්පත පිරවීමට පෙර ඔබේ (විවාහයකයකු නම් බිරියගේ හා දරුවන්ගේද) ඡායාරූප ලබාගෙන (වෘත්තීය ඡායාරූප ශිල්පියකුගේ සේවය ලබාගැනීම යහපති.) www.dvlottery.state.gov වබේ අඩිවියට පිවිසුණු පසු තිරයේ දැකිය හැකි  Photo Tool මෘදුකාංගය මගින් ඒවා නිසි ප්‍රමිතියට තිබේ දැයි පරීක්ෂා කරගන්න. ප්‍රමිතියට නැතිනම් නිසි ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ලබාගෙන ඉල්ලුම්පත පිරවීම අරඹන්න. මන්ද ඉල්ලුම් පත පිරවීමට ඔබට ලැබෙන්නේ සීමිත කාලයක් පමණි.

Untitled-2

එම ඡායාරූප සංස්කරණය නොකරන ලද මෑතකදී (මාස 6 ක් තුළ) ගත් ඒවා විය යුතුය. (ඡායාරූපයේ පසුබිම මෘදුකාංගයකින් ළාපැහැ කිරීමේ වරදක් නැත). ඔබ පසුගිය වසරේ මේ ලොතරැයියට ඉල්ලුම් කළ අයකු නම්, ඒ අවස්ථාවේ ඉදිරිපත් කළ ඡායාරූපම මෙවරත් ඉදිරිපත් කිරීම ඔබේ අයැදුම්පත ප්‍රතික්‍ෂේප කරනු ලැබිමට හේතුවක් බැවින් අලුත් ඡායාරූපම ඉදිරිපත් කිරීම අනිවාර්ය කරුණක් බව සලකන්න. එම ඡායාරූප බිටු 24 (24 ඡඪබ) වර්ණ ඒවා විය යුතුයි. හිස් ආවරණ, තොප්පි, උපැස් ආදිය නොපැලඳ කැමරාව දෙස එක එල්‍ලේ බලා සිටිමින් ළා පැහැති පසුබිමක ගත් ඡායාරූප විය යුතුයි. බ්ජ්ට් මාදිලියේ 240 ඬඡ නොඉක්මවන, 600*600 සිට 1200*1200 pixcel සංඛ්‍යාවකින් යුතු ඡායාරූප විය යුතුය. මෙහි ඇති ඡායාරූපය නිරීක්ෂණයෙන් ඔබට යම් අවබෝධයක් ලැබිය හැකි අතර වැඩි විස්තර සඳහා ඤමතධබබඥපර.ඵබචබඥ.ඨධම වබේ අඩවියේ උපදෙස් බලන්න.

ඔබ විවාහකයකු නම් බිරිඳගේ, සැමියාගේ තොරතුරු අනිවාර්යයෙන්ම ඉල්ලුම්පතෙහි සඳහන් කළ යුතුය. වෙන්ව විසූවද නීතියෙන් වෙන් වී නැතිනම් භාර්යාව සැමියා පිළිබඳ සඳහන් කළ යුතුය. දරුවන් සිටී නම් ඒ සියලු දෙනාද ඇතුළත් කළ යුතුය. එහෙත් වයස 21 ඉක්මවූ දරුවන් වෙනම ඉල්ලුම් කළ යුතු වේ. එසේම ඔබ නීත්‍යානුකූලව හදා ගන්නා වයස 21 ට අඩු අවිවාහක දරුවන් සිටී නම් ඔවුන්ද අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුය. මේ කිසිවකු පිළිබඳ තොරතුරු සඳහන් නොකිරීම ඔබ ලොතරැයියෙන් ජයගත්තද වීසා ප්‍රතික්‍ෂේප කරනු ලැබිමට හේතුවකි.

අසම්පූර්ණ ඉල්ලුම්පත් ප්‍රතික්‍ෂේප කෙරෙන හෙයින් අංග සම්පූර්ණ ලෙස ඉල්ලුම්පත පිරවිය යුතු වේ. ඔබ භාවිත කරන වබේ බ්‍රවුසරය නවීන එකක් විය යුතුය. නැතහොත් අතරමග බාධා එල්ල විය හැකිය. කෝටි සංඛ්‍යාත පිරිසක්  ලොතරැයියට ඉල්ලුම් කරන බැවින් අතරමග බාධා එල්ලවීමට ඉඩ තිබේ. අන්තර්ජාල සම්බන්ධතාවේ දුබලතා නිසාද එසේ සිදුවිය හැකිය. ඔබේ ඉල්ලුම්පත වබේ අඩවිය භාරගෙන ඇති බව තහවුරු කරගත හැක්කේ තහවුරු අංකය (Confirmation Number) සහිත ලිපිය ලැබුණු පසු පමණි. ඒ නිසා එම තහවුරු කිරීමේ ලිපිය ලැබෙන තෙක්ම නැවත නැවත ඉල්ලුම්පත පුරවමින් උත්සාහ කරන්න. එක් පුද්ගලයකුට ඉදිරිපත් කළ හැක්කේ එක් ඉල්ලුම්පතක් පමණි. ඉල්ලුම් පත් දෙකක් ඉදිරිපත් කළහොත් ඒ දෙකම ඉවත දැමෙනු ඇත. විවාහකයන්ට සැමියා එක් ඉල්ලුම්පතකුත් බිරිය තවත් ඉල්ලුම්පතකුත් වශයෙන් ඉල්ලුම්පත් දෙකක් ඉදිරිපත් කළ හැකිය. එය ජයග්‍රහණ අවස්ථා වැඩි කර ගැනීමේ උපායක්ද වේ.

ඉල්ලුම්පත පිරවීමේදී ඔබේ නම විදේශ ගමන් බලපතේ ඇති පරිදි ඇතුළත් කළ යුතුය. ඔබට විදේශ ගමන් බලපතක් නැතිනම් වාසගම, මුල් හා දෙවන නම් ආදිය වබේ අඩවියේ උපදෙස් පරිදි පිළිවෙළින් යොදන්න. ලොතරැයියෙන් තේරුණහොත් පසුව විදේශ ගමන් බලපතක් ලබාගත හැකිය. (සිංහල නම ඉංග්‍රීසියෙන් යෙදීමේදී යෙදූ අකුරු ඒ ආකාරයටම යොදා ගමන් බලපත්‍රය ලබා ගන්න. ඉල්ලුම් කිරීමට පෙර ගමන් බලපත්‍රයක් තිබිම අත්‍යවශ්‍ය නැත) ඉල්ලුම් පත්‍රයට ඊමේල් ලිපිනයක් ඇතුළත් කළ යුතු බැවින් ඔබ සතුව ඊමේල් ලිපිනයක් නොමැති නම් අලුතින් එකක් සාදාගත යුතුය. මේ ඊමේල් ලිපිනය ඔබට පමණක් විවෘත කළ හැකි එකක් විය යුතුය. එසේම අන්‍යයකුගේ ඊමේල් ලිපිනයක් භාවිත නොකරන්න. මෙහිදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් තිබේ. ඒ, ඔබ ලොතරැයි ජයග්‍රාහකයකු වුවහොත් ඒ බවට ඊමේලයක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නොලැබෙන බවයි.

ජයග්‍රාහකයකු යැයි තහවුරු කරගත හැක්කේ 2018 වසරේ මැයි 1 වැනිදාට පසුව Entrant Status Check අන්තර්ජාල අඩවියෙන් (https://www.dvlottery.state.gov/esc) පමණි. ඔබ ලෙතරැයිය දිනා ඇත්දැයි පරීක්ෂා නොකළහොත් ඔබ ජයග්‍රහණය කළද ඒ බව දැනගත නොහැකිය. ඔබට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඊමේලයක් ලැබිය හැකි අවස්ථාව ලොතරැයිය දිනූ පසු සම්මුඛ සාකච්ඡාවකට කැඳවීමේදීය. ඒ හැර වෙනත් පුද්ගලයන් එවන ඊමේල් පණිවිඩ නොතකා හරින්න. ඒවා අසාධු ‍ලේඛනයට (spam) ඇතුළත් කිරීම වඩාත් සුදුසුය. කූට පුද්ගලයන් එවන ඊ මේල් පණිවුඩවලට නොරැවටීමට වගබලා ගන්න.

2018 ලොතරැයියට අයදුම් කළද ජයග්‍රහණය නොලද පුද්ගලයන්ට මෙන්ම 2018 ලොතරැයි ජයග්‍රාහකයන්ට ද 2019 සඳහා ඉල්ලුම් කිරීමට හැකිය. ලොතරැයිය දිනූ පමණින් වීසා නොලැබෙන බැවින් 2018 ජයග්‍රාහකයන්ද විශේෂයෙන්ම 8,000 න් ඉහළ අනුක්‍රමික අංක (2018ඒඉ00008යයයට වැඩි) සහිත ජයග්‍රාහකයන් 2019 සඳහා ඉල්ලුම් කිරීම නුවණැති ක්‍රියාවකි.

එසේම 2018 ජයග්‍රාහකයන් ච්260 ‍පෝරමය පිරවීමේදී යම් දෝෂයක් සිදුවී තිබේ නම් එය නිවැරදි කිරීමේ අවස්ථාවද (බෙහෝවිට) තවම තිබේ. මෙවැනි කටයුතු සඳහා අතරමැදියන්ට මුදල් ගෙවිය යුතු  නැත. එම ඉල්ලුම්පත පිරවීමේදී සුළු දෝෂයක් හෝ සිදුවුවහොත් වීසා ප්‍රතික්ෂේප කෙරෙන බව පවසා ජයග්‍රාහකයින් බියගන්වා ඒ කාර්යයට රුපියල් 50000ක් පමණ අය කරන පුද්ගලයන් සිටින බව අපට වාර්තා වී තිබේ. එය අනවශ්‍ය මුදල් විනාශයකි. එවැනි දෝෂයක් සිදුවී තිබේද යන්න 2018 ජයග්‍රාහකයන්ට තවමත් තම ඉල්ලුම්පත විවෘත කර පරීක්ෂා කළ හැකිය. යම් දෝෂයක් සිදුවී තිබේ නම්, ච්260 ‍පෝරමය නිදහස් (භදතධජඬ) කරන ලෙස ඉල්ලා KCCDV@state.gv ලිපිනයට විද්‍යුත් ලිපියක් යවන්න. සංශෝධනය කළ යුතුව ඇත්තේ කවර තොරතුරුදැයි දැනුම්දීම අවශ්‍ය නැත. දරුවන් සිටින විවාහකයකු නම් නිදහස් කළ යුත්තේ කාගේ ඉල්ලුම්පතද යන්න පමණක් සඳහන් කරන්න. අවශ්‍ය සංශෝධන කර නැවත ඉල්ලුම්පත ඉදිරිපත් කළ හැකිය. එහෙත් එසේ කළ හැක්කේ මේ වන විට ඔබේ අංකය සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගනු ලැබ නැත්නම් පමණි. දෙසැම්බරයේ දී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ ආසියාවේ අංක 2500 දක්වා පමණක් හෙයින් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව තවමත් ඇතැයි අනුමාන කළ හැකිය.

සාමාන්‍ය පිළිගැනීම වන්නේ මේ ලොතරැයිය ජය ගැනීම වසර 100-200 කට වරක් අත්විඳිය හැකි දුර්ලභ අවස්ථාවක් බවයි. ඉහත දැක්වූ වබේ අඩවියෙන් ඔබට වැඩි තොරතුරු දැනගත හැකිය. අප මෙහි ඉදිරිපත් කර ඇත්තේ ඉල්ලුම්කරුවන් දැන සිටිය යුතු මූලික කරුණු කීපයක් පමණි. දින කීපයකට පෙර සිට වබේ අඩවිය නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබෙයි.

තොරතුරු නාරද කරුණාතිලකගෙන්