කසාදයක් බඳින්න කලින් කෑල්ල හා කෙල්ල අතර වෙනස හඳුනගන්න

හැම කොල්ලෙක්ම කැමති කල වයස ආවම හොද කෑල්ලක් සෙට් කර ගන්න.

ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙවෙයි පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනවා පොර ටෝක් දෙනවා.පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය,විලාසිතා අනුගමනය කරන, කාගෙත් සිත් ගන්න දෙයක්.

කෑල්ලකට තුන්සියහැටපස් දවසෙම කරන්න තියෙන්නෙ එක දෙයයි ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට හමු වන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නැහැ.

සාමාන්‍යයෙන් කෑල්ලක්ට ගෙදර දොරේ වැඩ බැහැ උයන්න පිහන්න බෑ,ගේ දොර අස්පස් කරන්න බෑ, රෙදි හෝදන්න බෑ,දරුවන් හදන්න පුලුවන් උනාට නලවන්න බැහැ, දරුවන්ට කිරි දෙන්න බැහැ.

නමුත් කෑල්ල සර්වකාලීනයි(updated) ඇය වෙළදපල තුල තිබෙන සෑම ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා. ඒවා මිලදීගන්නවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප්, විලාසිතාමය ඇදුම් පැලදුම් ඇයට තියනවා.

කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවට.ඇගට අරන්, අඩි දෙක තුනක් උඩින්. ඇය දිහා හැමෝම බලනවා. ඇය එහෙම යන්නෙත් ඒ නිසාමයි. ආකර්ෂණීය හැම දෙයක්ම කරන්නෙ සමාජයට පේන්න. නමුත් ඇය සැබවින්ම හිස් චරිතයක්.

හොදයි වගේ පෙනුනට හොද නැහැ. අහිංසකයි වගේ පෙනුනට අහිංසකත් නැහැ
සංවරයි වගේ පෙනුනට සංවරත් නැහැ.දිනපතා පහන තිබ්බත් ආගමික නැහැ.

කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්.

කෑල්ලක් කරන්නෙ ඔබ ලගට වෙලා දිලිසෙන එක කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක.

කෙල්ල හුගාක් ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා.
පිරිමි එක්ක තියන ගනුදෙනු ඉතා සීමිතයි.

ඇය ආශ්රය කරන්නේ අතිශය විස්වාසවන්ත පිරිමින් විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තම රූපයට ආදරෙයි.
නමුත් මානුශීය සම්බන්ධතා වෙනුවෙන් තම රූපය සුන්දරත්වය කැප කරන්න ඇය සූදානම්. ආදරය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්න එවැන්නියකට පුලුවන්.

කෙල්ලෙක් අම්මා කෙනෙක් වුන දවසක දරුවන් ඇයගෙන් කිරි බීලම ඇය වැහැරිලා යනවා.කෑල්ලක් අම්මා කෙනෙක් වුන දවසක දරුවන් ගොන් කිරි බීලාම වැහැරිලා යනවා.

කෙල්ලෙක්ට ගේදොර වැඩ ඕන දෙයක් හැඩට කරන්න පුලුවන්. රසට කෑම උයන්න, මිදුල් අතුගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිත උස්සලා ගිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුලුවන් ඇයට. කෑල්ල ලග තියෙන්නෙ ආකර්ෂණීය බවත් ලිංගිකත්වයත් පමනයි. කෙල්ලෙක් ලග ආදරයේ උනුසුම පිරී ඉතිරුණ ලස්සන හදවතක් තියනවා.

කෑල්ලක් අපේ ජීවිතයට ලං වෙනවා ඈත් වෙනවා ඒත් කෙල්ලෙක්ව හැමදාම ලග තියා ගන්න හිතෙනවා.

කෑල්ලක් එක්ක තරහා වුනාම බැනලා එලවගන්න හිතෙනවා. කෙල්ලෙක් එක්ක තරහා වුනාම වුනත් ලගට වෙලා ඉන්න හිතෙනවා. කෙල්ලෙක්ට සාමාන්‍යයෙන් හැම වෙලේම ඔබව මතක් වෙනවා. එතකොට වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා.

කෑල්ලකට call කරන්න එපා කිවුවම අවශ්‍යතාව එනකල් බලාගෙන ඉන්නවා.

කෙල්ලෙක්ට එපා කිව්වට අහන් නැහැ call කරනවා. කෑවද,බිව්වද,නෑවද අහනවා පරිසමින් ඉන්න කියන්වා. කොටින්ම කෑල්ල සුවද හමනවා ක්ලෝන් පාවිච්චි කරනවා.

කෙල්ලෙක් ක්ලෝන් නැතුවත් සුවද හමනවා මොකද එයා හැමදාම නානවා.

කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුබපැතුම්.
කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි.